23 C
Colombo
Saturday, October 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධ්‍යාපන සුදුකම් ඉදිරිපත් නොකළ මන්ත්‍රීවරුන් අතර මහින්ද රාජපක්ෂත්

අධ්‍යාපන සුදුකම් ඉදිරිපත් නොකළ මන්ත්‍රීවරුන් අතර මහින්ද රාජපක්ෂත්

පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයින් 225 දෙනාගෙන් 208 දෙනෙකුම තම අධ්‍යාපන සුදුසුකම් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් 17 දෙනෙකු අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ මෙම තොරතුරු ලබාගෙන ඇත.

තේරී පත්වන නියෝජිතයින්ගේ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් දැනගැනීමේ අයිතිය මහජනතාවට ඇති පදනම මත අදාළ තොරතුරු ප්‍රකාශයට පත් කරන ලෙස තොරතුරු කොමිෂන් සභාව පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝග කර තිබේ.

මේ අනුව මන්ත්‍රීවරුන් 208 දෙනෙකු තම අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් හෙළිකර ඇති අතර මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අදාළ තොරතුරු ලබාදී නොමැත.

විමල් වීරවංශ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ගෙවිතු කුමාරතුංග, එස් වියාලේන්ද්‍රන්, පිල්ලෙයාන්, මහින්ද රාජපක්ෂ, කුමාර වෙල්ගම, පියල් නිශාන්ත යන මන්ත්‍රීවරුන් තම අධ්‍යාපනය හා සුදුසුකම් හෙළි නොකළ මන්ත්‍රීවරුන් අතර වෙති.

මේ සම්බන්ධ තොරතුරු පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා ලබා ගත හැක.

#sundaytimes