― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඒජන්සිවලට යන්න කලින් SLBFE අමතන්න

ඒජන්සිවලට යන්න කලින් SLBFE අමතන්න

විදේශ රැකියා නියෝජිතායතනවලට මුදල් සහ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් (SLBFE) තොරතුරු ලබා ගන්නා ලෙස ජනතාවට උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වාර්තාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක වන උපකාරක දුරකථන අංකය වන 1989 ඔස්සේ හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙත ගොස් අදාළ නියෝජිතායතනයේ නීත්‍යානුකූලභාවය තහවුරු කර ගත හැක.