33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගිලන් රථ රියදුරෝ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක?

ගිලන් රථ රියදුරෝ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක?

දිවයින පුරා ගිලන් රථ රියදුරන් සහ සෞඛ්‍ය ක්ෂත්‍රයේ අනෙකුත් රියැදුරන් හත්දහසකට ආසන්න පිරිසක් අද (09) වැඩ වර්ජනයක නිරත වීමට නියමිත බව වාර්තා වෙයි.

බැංකු පොලී අනුපාත ඉහළ යෑම ඇතුළු කාරණා කීපයක් මුල්කරගනිමින් ඔවුන් වර්ජනයේ නිරත වන බවයි රජයේ සෞඛ්‍ය ගිලන් රථ සහ ප්‍රවාහන රියැදුරු සංගමයේ සභාපති ඩබ්ලිව්. ඩී. විජේසිංහ පවසන්නේ.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් රෝගී සත්කාරක සේවා බිඳ වැටෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයටද දැනුම් දී ඇති බවයි සභාපතිවරයා අවධාරණය කරන්නේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළද එය විසඳුමකින් තොරව අවසන් වී ඇති බවයි වාර්තා වන්නේ.