22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalගෝඨාභය දේශපාලනය ගැන දන්නේ නැහැ - මං එයාගේ වැඩවලට ඇඟිලි ගැහුවේ නෑ

ගෝඨාභය දේශපාලනය ගැන දන්නේ නැහැ – මං එයාගේ වැඩවලට ඇඟිලි ගැහුවේ නෑ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය වේ යයි තමා නොසිතන බවත් ජනතාවගේ හැඟීම් නොසලකා හැර කිසිවක් සිදු නොවූවාක් මෙන් ඉදිරියට යා නොහැකි බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ පසුගියදා සන්ඩේ ටයිම්ස් දේශපාලන වාර්තාකරු ඉක්බාල් අතාස් සඟ කළ පිළිසඳරකදීය.

ජනතාව අප ගැන සිතන්නේ කුමක්දැයි අපි දැනගත යුතුයි. අප අතින් වැරදි සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කළ හැක්කේ එවිටයි. අපි ඔවුන්ගේ හැඟීම් නොසලකා හැර කිසිවක් සිදු නොවූවාක් මෙන් ඉදිරියට යා නොහැකියි. අපි අපේ වැරදිවලින් පාඩම් ඉගෙන ගත යුතුයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අගමැතිවරයාව සිටි මමත් රටේ ආර්ථික අර්බුදයට වගකිව යුතුයි කියන මතය මම ප්‍රතික්ෂේප කරනවා. මම ගෝඨාභයගේ වැඩවලට ඇඟිලි ගැහුවේ නෑ. ගෝඨාභය දේශපාලනය දැන සිටියේ නැහැ. ඔහු යුද හමුදා නිලධාරියෙක්. ඔහු තීරණ ගත්තේ ක්‍රියාත්මක වුණේ ඔහුගේම විනිශ්චයන් මත. ඔහු යළිත් තරඟ කරාවි යයි මම විශ්වාස කරන්නේ නෑ.