25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතුන්සක රියේ දමාගිය බිළිඳියක් පොලිස් භාරයට

තුන්සක රියේ දමාගිය බිළිඳියක් පොලිස් භාරයට

තලවකැලේ හින්දු කෝවිල අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ බිළිඳියක් අතහැර දමාගොස් සිටිය දී ඊයේ (08) අලුයම් කාලයේ දී සොයාගෙන තිබෙනවා.

අදාළ ත්‍රිරෝද රථය දිනපතා එම ස්ථානයේ ගාල් කර තිබෙන එකක් බවට හඳුනාගෙන ඇති අතර නගරයේ පිරිසිදු කිරීමට උදෑසනම පැමිණෙන නගර සභාවේ සේවකයින් විසින් ත්‍රිරෝද රථය තුළ කුඩා දරුවෙකු හඬන ශබ්දය ඇසී ඒ පිළිබඳව සොයා බලා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ත්‍රිරෝද රථය තුළ අතහැර දමාගොස් සිටි බිළිඳිය හමුව ඇති අතර පසුව අදාළ බිළිඳිය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව පොලිසිය පැමිණ බිළිඳිය ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත භාරදීමට කටයුතු අර ඇති බවයි වාර්තා වන්නේ.

දින 12-14 පමණ වයසැති මෙම බිළිඳිය සොයාගන්නා අවස්ථාවේදී මනා ශරීර සෞඛ්‍යයකින් සිට ඇති අතර ඇයට තලවකැලේ පොලිස් නිලධාරිනියෙකුගෙන් මව්කිරිද ලබාදී මෙලෙස රෝහල වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

බිළිඳිය ත්‍රිරෝද රථය තුළ දමාගිය අය පිළිබඳව මාර්ගයේ සවිකර ඇති ආරක්ෂිත කැමරාවල දර්ශන ඔස්සේ තලවකැලේ පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

ලිඳුල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බිළිඳිය අනතුරුව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන්.