― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportදසුන් ශානකට ඉන්දියාවෙන් අලුත් නමක්

දසුන් ශානකට ඉන්දියාවෙන් අලුත් නමක්

ඉන්දියාව සමඟ විස්සයි විස්ස තරගාවලිය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට හෙට (10) ආරම්භ වන එක්දින තරගාවලියට සූදානම් වෙමින් සිටිනවා.

නිමා වූ විස්සයි විස්ස තරගාවලිය ඉන්දීය පිළ තරග දෙකට එකක තියුණු ජයක් ලබා ගැනීමෙන් අනතුරුව එක්දින තරගාවලිය ආරම්භ වන ගුවහාටි බලා පිටත්ව ගියේ ජයග්‍රාහී මානසිකත්වයෙන්.

කෙසේ වෙතත් විස්සයි විස්ස තරගාවලිය පරාජයට පත් වුව ද, ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා වෙනදාට වඩා කැපී පෙනුණු බවයි විචාරකයින් සඳහන් කළේ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දසුන් ශානකගේ දක්ෂතා පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ අතර ඔහු මේ වනවිට ඉන්දියාව තුළ ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තාකර තිබුණේ.

ඒ අනුව ශානකව හැඳින්වීම සඳහා විශේෂ වූ නාමයක්ද (අන්වර්ථ නාමයක්) භාවිත කිරීමට හුරු වී සිටින අතර ජනප්‍රිය පුවත් සේවයක් වන ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කර තිබුනේ එය ‘නිගම්බෝ නයිලර්’ (Negombo Nailer) ලෙසයි.

නිමා වූ විස්සයි විස්ස තරගාවලිය තුළ දසුන් වැඩි වශයෙන් පිත්තෙන් දකෂතා දැක්වීමට සමත් වූ අතර එහිදී ඔහු තරගාවලිය තුළ දෙවනුවට වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා බවට පත් වුණා.