― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාරේ ඉන්න වන අලින්ට කෑම දුන්නොත් නඩු

පාරේ ඉන්න වන අලින්ට කෑම දුන්නොත් නඩු

බුත්තල – කතරගම මාර්ගයේ වන අලින්ගෙන් වාහන වලට සිදුවන පහරදීම් වැළැක්වීමට සහ වන අලි පලවා හැරීමට වනජීවී දෙපාර්තමේන්තුව ජංගම රථ යොදවා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව යාල ගල්ගේ අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සහ වාහන මෙම රාජකාරියට යොදවා ඇති අතර ඔවුන් පසුගිය දින හතර පුරාම පෙරවරු 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා එම මාර්ගයේ රැඳී සිටින බව සඳහන්.

මෙම නව වැඩපිළිවෙල අවශ්‍යතාවය මත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවල පිරිස් වන අලින්ට ආහාර ලබාදීම හේතුවෙන් එම සතුන් මඟ රැක සිට වාහනවලින් ආහාර ලබාගැනීමට හුරු වී සිටින බවයි.

එහිදී ඇතැම් පුද්ගලයින් වන අලි කුලප්පු කිරීම හේතුවෙන් වන අලින්ගෙන් සිදුවන හානිය ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් බුත්තල – කතරගම මාර්ගයේ සහ උඩවලව, හබරණ ආදී ප්‍රදේශවල වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින් සහ වන අලින්ට හිංසාවන පරිදි හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි වනජීවී දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.