25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපැටවුන් බිහි කළ හැකි බිත්තර ලක්ෂ 2ක් ආනයනයට පියවර

පැටවුන් බිහි කළ හැකි බිත්තර ලක්ෂ 2ක් ආනයනයට පියවර

අභිජනනය කරන ලද බිත්තර ලක්ෂ දෙකක් ආනයනය කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

මාසික බිත්තර නිෂ්පාදනය මිලියන 30 දක්වා අවම වීමට හේතුව ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ සත්ව ආහාර හිඟය සහ වාර්ෂිකව මව් සතුන් ආනයනය 80,000 සිට 40,000 දක්වා අඩු වීමයි.

මව් සතුන් ආනයනය කරන්නේ නම් බිත්තර නිෂ්පාදනය මාස 11 කින් පමණ ප්‍රමාදවිය හැකි බැවින් ඊට විකල්පයක් ලෙස අභිජනනය කරන ලද බිත්තර ආනයනය කිරීමට ඒ අනුව තීරණය කර තිබේ.