28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබ්‍රසීලයේ ඇති වූ සිදුවීම ගැන ජනපති කනස්සල්ලෙන්

බ්‍රසීලයේ ඇති වූ සිදුවීම ගැන ජනපති කනස්සල්ලෙන්

බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව මම දැඩි කනස්සල්ලට පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙවැනිම ආකාරයේ ව්‍යවස්ථා විරෝධී ක්‍රම මඟින් ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යුහයන් පෙරළා දැමීමට විවිධ කණ්ඩායම් දැරූ උත්සහයන් ශ්‍රී ලංකාව ද අත්දුටු බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

එවැනි සතුරුකම් හෙළා දකින අතර මෙම ගැටුම්කාරී අවස්ථාවේදී අප බ්‍රසීල ජනාධිපතිවරයා, රජය සහ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.

බ්‍රසීලයේ හිටපු නායක ජෙයිර් බොල්සනාරෝගේ ආධාරකරුවන් විසින් එරට ජනාධිපති මන්දිරයට, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයට සහ කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩාවැදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.