29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරාජ්‍ය ආයතනවලට අයත් වාහන සම්බන්ධයෙන් විමර්ශනයක්

රාජ්‍ය ආයතනවලට අයත් වාහන සම්බන්ධයෙන් විමර්ශනයක්

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතනවලට අයත් වාහන සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිත බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න අවධාරණය කළේය.

ලියාපදිංචියට අනුව වාහන රජයේ ආයතන සතුද? නැතිනම් එම වාහන නිසි කාර්යක්ෂමතාවයෙන් භාවිත කර තිබේද යන්න පිළිබඳව සලකා බලන බවයි විගණකාධිපතිවරයා සඳහන් කළේ.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන මට්ටමින් මෙම විමර්ශන වෙන වෙනම සිදුකරන බව ජාතික විගණන කාර්යාලය ප්‍රකාශ කර තිබේ.