29 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය ආයතනවලට අයත් වාහන සම්බන්ධයෙන් විමර්ශනයක්

රාජ්‍ය ආයතනවලට අයත් වාහන සම්බන්ධයෙන් විමර්ශනයක්

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතනවලට අයත් වාහන සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිත බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න අවධාරණය කළේය.

ලියාපදිංචියට අනුව වාහන රජයේ ආයතන සතුද? නැතිනම් එම වාහන නිසි කාර්යක්ෂමතාවයෙන් භාවිත කර තිබේද යන්න පිළිබඳව සලකා බලන බවයි විගණකාධිපතිවරයා සඳහන් කළේ.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන මට්ටමින් මෙම විමර්ශන වෙන වෙනම සිදුකරන බව ජාතික විගණන කාර්යාලය ප්‍රකාශ කර තිබේ.