― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsවරාය නගරයේ ලොක්කන්ට මුදල් කාරක සභාවේ අප්‍රසාදය

වරාය නගරයේ ලොක්කන්ට මුදල් කාරක සභාවේ අප්‍රසාදය

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ජේෂ්ඨ නිලධාරීන් රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබියදී පෙනී නොසිටීම සම්බන්ධයෙන් එම කාරක සභාව ඒ නිලධාරීන්ට දැඩි ලෙස අප්‍රසාදය පළ කර  ඇත.

කොමිෂන් සභාවේ නිලධාරීන් වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බව කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී ඒ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

කොමිෂන් සභාවේ නිලධාරීන්ට පසුගිය දෙසැම්බර් මස  21 වෙනිදා රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබිණු අතර කාරක සභාව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් සාධාරණ පැහැදිලි කිරිමක් ලිඛිතව ඉදිරිපත් කරන ලෙසටද එම කොමිෂන් සභාවේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහා නිල වෙබ් අඩවියක් නැතැයිද මෙහිදී තොරතුරු අනාවරණය විය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී පසුගියදා (05) වැනිදා සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

ආයෝජන උත්පාදනය සඳහා වරාය නගර ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව මෙතෙක්  කර ඇති කාර්යයන් සතුටුදායක  මට්ටක නොමැති බවද  සඳහන් කළේය.මෙවැනි ව්‍යාපෘති හසුරුවන වෘත්තිකයන් වඩා වගකීම් සහගතබවකින් ක්‍රියාත්මක විය යුතු බවද  මෙහිදී  කමිටුව එහි නිලධාරීන්ට පෙන්වා  දුන්නේය.

විශේෂයෙන්ම කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මගින් සිදුකරනු  ලබන  ලියාපදිංචි කටයුතු සහ අයදුම් කිරීමේ කටයුතු අන්තර්ජාලය හරහා සිදුකිරීමට නිසි මාර්ගගත (ඔන්ලයින්) වැඩපිළිවෙලක් හෝ වෙබ් අඩවියක් නොතිබුණේ මන්දැයි කාරක සභාව මෙහිදී විමසුවේය. ඒ අනුව එම ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස කාරක සභාව  කොමිෂන් සභා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කැසිනෝ ව්‍යාපාරය නියාමනය වැඩපිළිවෙලක් සකස් කිරීම සදහා අනුකමිටුවක් ස්ථාපනය කළ යුතු  බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා  පැවසීය.

මේ අවස්ථාවට අමාත්‍ය  නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන්වන  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,  අනුප පැස්කුවල්,  (ආචාර්ය) සුරේන් රාඝවන්,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  එම්. ඒ සුමන්තිරන්,  අනුර ප්‍රියදර්ශන යාපා, මයන්ත දිසානායක,  ප්‍රේම්නාත් සී. දොලවත්ත,  මධුර විතානගේ,   මහාචාර්ය රංජිත් බණ්ඩාර  සහ  සුමිත් උඩුකුඹුර යන මහත්වරුද  සහභාගිවූහ.