26.7 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalශ්‍රීලනිපයේ ප්‍රබලයින් රැසක් චන්ද්‍රිකා සමඟ විශේෂ සාකච්ඡාවක

ශ්‍රීලනිපයේ ප්‍රබලයින් රැසක් චන්ද්‍රිකා සමඟ විශේෂ සාකච්ඡාවක

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහzන් ආණ්ඩු පක්‍ෂයට එක්වූ කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව ඊයේ (08) හිටපු ජනාධිපතිනියගේ කොළඹ ටොරින්ටන් පිහිටි නිල නිවසේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිට ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය ඇමතිවරුන් වන ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ඇතුළු කණ්ඩායම මෙම අවස්ථාවට එක්ව තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 124 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසළදී ඊයේ උදෑසන පැවැත්වූ උත්සවයට එක්වීමෙන් අනතුරුව පිරිස මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී වර්තමාන දේශපාලන තත්වය සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.