― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසංචාරක නිකේතනයක පිහිනුම් තටාකයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

සංචාරක නිකේතනයක පිහිනුම් තටාකයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

කතරගම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක පිහිටි පිහිනුම් තටාකයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (09) දහවල් සිදුව ඇති මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු දෙකක දරුවෙක් බවයි වාර්තා වන්නේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සංචාරක නිකේතනයේ හිමිකරුගේ දරුවා බව සඳහන්.

මෙම දරුවා අද දහවල් සංචාරක නිකේතනයේ මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර, ටික වේලාවක් ගිය පසු දරුවා පෙනෙන්නට නොසිටීම නිසා ඒ පිළිබඳව මව්පියන් විසින් සොයාබලා තිබෙනවා.එහිදී දරුවා පිහිනුම් තටාකයට වැටී සිටිය දී සොයාගෙන ඇති අතර, ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ තිස්සමහාරාම හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කළේ මෙය මව්පියන්ගේ නොසැලකිළිමත්කමින් සිදු වූ අපරාධයක් බවයි.