27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහම්බන්තොට ධීවරයෝ වෙරළාරක්ෂක නිලධාරීන් සමඟ ගැටේ

හම්බන්තොට ධීවරයෝ වෙරළාරක්ෂක නිලධාරීන් සමඟ ගැටේ

හම්බන්තොට ධීවර වරායේ වෙරළ ආරක්ෂක නිලධාරීන් සමග ධිවරයන් පිරිසක්  ඇතිකරගත් ගැටුමකින් දෙපාර්ශවයේ දෙදෙනකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව හම්බන්තොට පොලීසිය කියයි.

නොසන්සුන්කාරී ලෙස හැසිරීමෙන් වෙරළාරක්ෂක නිලධාරීන්ට පහරදීමක් සිදුකළ හැකි හෙයින් තත්ත්වය පාලනය කිරීම සඳහා වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින්බිමට වෙඩි දෙකක් තබා ඇති බවත් වෙඩි වැදීමෙන් කිසිවකුටත් තුවාල සිදු වී නොමැති බවද පොලීසිය කියයි.

හම්බන්තොට ධීවර වරායෙන් මුහුදුගිය ඩිංගි බෝට්ටු වක් සහ බහුදින ධීවර යාත්‍රාවක් මුහුදේ දී ගැටී ඇති අතර ඒ සම්බන්ධව දෙපාර්ශවයේම ධීවරයන් වෙරළ ආරක්ෂක නිලධාරීන්ට පැමිණිලි කර තිබූ අතර එය සමතයකට පත් ඇත. 

අනතුරුව ධීවර කාර්මිකයින් පිරිසක් වෙරළ ආරක්ෂක නිලධාරීන් සමග ආරවුලක් ඇතිකර ගැනීම හේතුවෙන් මෙම මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වී තිබෙන බවද සඳහන් වේ.

සිද්ධියට සම්බන්ධ ධීවරයින් 08 දෙනෙකු හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.