― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical2023 දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය අපි ආරම්භ කළා

2023 දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය අපි ආරම්භ කළා

2023 වසරේ ශ්‍රී ලංකාවේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹීමට හැකි වූ බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) උතුරු දුම්රිය මාර්ගයේ මහව – ඕමන්ත දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රුපියල් බිලියන 33ක් වැය වන මෙම ව්‍යාපෘතිය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර මෙම දුම්රිය මාර්ගය පිළිසකර කිරීමෙන් අනතුරුව කොළඹ සහ යාපනය අතර දුම්රිය ධාවනයට ගත වූ කාලය පැයකින් පමණ අඩුකර ගැනීමේ හැඛියාවද පවතී.

2023 වසරේ ශ්‍රී ලංකාවේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය අද ආරම්භ කිරීමට හැකි වුනා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතියටත්, උතුරු දුම්රිය මාර්ගය භාවිතා කරන්නන්ටත් අද සුවිශේෂී දිනයක් ලෙස හඳුන්වන්න පුලුවන්. ශ්‍රී ලංකාව ආර්ථික ගැටලුවකට මුහුණ දී තිබෙන මෙවන් අවස්ථාවක අලුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි වූවත්, ඉන්දීය රජයේ අනුග්‍රහය මත මෙම මහ පරිමාණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකිවීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සැම සතුටු විය යුතුයි.

උතුරු දුම්රිය මාර්ගයේ මහව – ඕමන්ත අතර දුම්රිය මාර්ග කොටස දීර්ඝ කාලීනව කිසිඳු අලුත්වැඩියාවක් නොකළ මාර්ග කොටසක් ලෙසයි පැවතුනේ. මෙම තත්වය හඳුනාගැනීමෙන් අනතුරුව තමයි මහව – ඕමන්ත දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය ආරම්භ කරන්න අපට හැකියාව ලැබෙන්නේ.