25.6 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsATM සොරකමකට පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට

ATM සොරකමකට පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට

ATM යන්ත්‍රවලින් මුදල් සොරා ගැනීමක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලට අනුව මීගහතැන්න පොලිස් ස්ථානයේ පාලන අංශ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

හික්කඩුව, බද්දේගම, ගාල්ල සහ කරාපිටිය ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකු කිහිපයක දත්ත පද්ධතියට ඇතුල් වී විදේශිකයන් දෙදෙනෙකු විශාල වශයෙන් මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී සැකකාර ස්ථානාධිපතිවරයා ඊට සම්බන්ධ බවට ලැබුණු තොරතුරු මතයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ පොලිස් පරීක්ෂකවරයා පිටිගල පොලිස් වසමේ අමුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර ස්ථානාධිපතිවරයාට අයත් මෝටර් රථයෙන් මුදල් සොරකම් කර ඇති ස්ථානවලට ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.