― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsඅපවත් වූ අටමස්ථානාධිපතිගේ සුපිරි ජීප්රථ 02ක ඉල්ලා ව්‍යාපාරිකයෙක්ගෙන් නඩු

අපවත් වූ අටමස්ථානාධිපතිගේ සුපිරි ජීප්රථ 02ක ඉල්ලා ව්‍යාපාරිකයෙක්ගෙන් නඩු

අනුරාධපුර අටමස්ථානධිපතිව සිට අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක නීත්‍යානූකූල අයිතිය තමන්ට පවරා ගැනීමට අයිතියක් ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකු අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම සලකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඞී පියරත්න මහත්මිය මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ තිදෙකුට සහ අටමස්ථාන කාරක සභාවට පෙබරවාරි මස 8 වැනිදා අධිකරණය හමුවේ පෙනීි සිටින ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කළාය.

එමෙන්ම මෙම නඩුවට අදාළව විරෝධතා ඇත්නම් එදිනට හෝ එදිනට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසද දිසා විනිසුරුවරිය වගඋත්තරකරුවන්ට තවදුටරත් නියෝග කර තිබෙනවා.

අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු වන අනුරාධපුර නිදහස් මාවත ඉසුරුපුර පදිංචි පේලිමුහන්දිරම් අප්පුහාමිලගේ චන්දානන්ද යන අය නීතිඥ දසුනි කුමාරසිංහ මහත්මිය මගින් අනුරාධපුර දිසා අධිකරණයේ ගොනු කර ඇති මෙම පෙත්සම් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අනුරාධපුර බෝමළුව පන්සල (ජය ශ‍්‍රි මහ බෝධි විහාර) ලිපිනයේ අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමි සහ කැකිරාවේ ඤාණසිරි හිමි සහ අනුරාධපුර පැරණි නගරය ථූපාරාම පන්සල ලිපිනයේ ථූපරාමාධිකාරි ඥාණින්ද හිමි සහ අටමස්ථාන කාරක සභාවයි.