― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsආරවුලක් දුරදිග ගොස් 14 හැවිරිදි දැරියකට කළ අහස පොළොව නුහුළන අපරාධය

ආරවුලක් දුරදිග ගොස් 14 හැවිරිදි දැරියකට කළ අහස පොළොව නුහුළන අපරාධය

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට පිරිසක් විසින් අමානුෂිකව පහර දී ඇති බව වාර්තා වනවා.

පසුගිය පළමු වනදා මෙම සිදුවීම සිදුව ඇති අතර පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 04 දෙනෙකු වාද්දූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් සිව්දෙනා අද (10) දිනයේ පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාද්දූව පොලීසිය සඳහන් කළේ.

පසුගිය පළමු වනදා කළුතර – මිල්ලගස් හංදිය ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයක් තුළ දෙපිරිසක් අතර ආරවුලක් හටගෙන තිබෙනවා. වයස අවුරුදු 14 දැරියට එහි සිටි පුද්ගලයෙකු විසින් කිසියම් විහිළුවක් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාගේ පාර්ශ්වය සහ දැරියගේ පාර්ශ්වය අතර මෙම ආරවුල හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරව දැරිය සහ ඇයගේ ඥාතීන් නිවෙස් බලා පැමිණ ඇති අතර, සිද්ධියට සම්බන්ධ අනෙක් පාර්ශ්වයේ පිරිසක් එදින රාත්‍රියේ දැරිය පදිංචිව සිටි නිවසට පැමිණ නිවසේ සිටි පිරිසට සහ දැරියට පහර දී ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් විසින් දැරියගේ පියාට සහ සීයාට බරපතළ ලෙස පහරදී ඇති අතර දැරියට ද පහර දී ඇයගේ මුඛයේ දුම්වැටියක් ද ඔබා පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ තුවාලකරුවන් මේ වනවිටත් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.