30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආශු ගැන බලු කතාව ඇදගත් ආදර්ශාගේ ඇප අයැදුම්පත අධිකරණයෙන් ඉවතට

ආශු ගැන බලු කතාව ඇදගත් ආදර්ශාගේ ඇප අයැදුම්පත අධිකරණයෙන් ඉවතට

ජනාධිපතිගේ හිටපු දේශපාලන උපදේශක ආශු මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ ආදර්ශා කරඳන නමැති කාන්තාව ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ඇය සිය ඇප අයදුම්පත ඉදිරිපත් කර තිබුණා. අදාළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ එම අවස්ථාවේදී ඉල්ලුම්කාරියට අපේක්ෂිත ඇප නියම කිරීම සුදුසු නොවීම හේතුවෙන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

මැය අත්අඩංගුවට පත්වූවවොත් මැයගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බැවින් එසේ අත්අඩංගුවට ගැනීමට පෙර ඇය අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඇය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

ආශු මාරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් සඳහන් කර සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදුවන බැවින් මෙම අවස්ථාවේ ඇය ඇප මත මුදා හැරියොත් එය විමර්ශන කටයුතුවලට බාධාවක් විය හැකි බවයි.