උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදුව අත්හිටුවීමට ක්රමයක් සකස් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.
විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස ඉල්ලා සිටින ලෙස සහ විභාග කාලසටහන යොමුකරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් කොමිසම ලිඛිත ඉල්ලීමක් මේ වන විටත් කර තිබේ.
අපොස උසස් පෙළ විභාගය (2022) මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතය.