― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඑක්ස්ප්‍රස් පර්ල් වන්දිය ඩොලර්වලින් ගන්න අනුමැතිය

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ඩොලර්වලින් ගන්න අනුමැතිය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීමෙන් මෙරට සාගර පරිසරයට වූ හානියට අදාළ වන්දි මුදල නැව අයිති රක්ෂණ සමාගමෙන් ඇමරිකා ඩොලර්වලින් ලබාගැනීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවී තිබේ.

ශ්‍රී ලංකා රුපියල්වලින් වන්දි මුදල් හා ප්‍රතිපූර්ණ ලබාගැනීම අයහපත් පූර්වාදර්ශයක් විය හැකි බැවින් වෙරළ පිරිසිදු කිරීම, අපද්‍රව්‍ය කළමණාකරණය, පරිසර හානිය ආදි සියලුම කටයුතු වලට ලැබෙන ප්‍රතීපුර්ණ සහ වන්දි ඇමෙරිකානු ඩොලර් වලින් ලබාගැනීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාවය හිමි වු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

මීට අමතරව ඉදිරියේදී මෙවැනි අනතුරක් සිදුවුවහොත් එම අවස්ථාවලදීද වෙරළ පිරිසිදු කිරීම, අපද්‍රව්‍ය කළමණාකරණය, පරිසර හානි ආදි සියලුම කටයුතු වලට ලැබෙන ප්‍රතිපූර්ණ සහ වන්දි ඇමෙරිකා ඩොලර් වලින් ලබා ගැනීමටද කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

අදාළ රක්ෂණ හිමිකම් ප්‍රතිපූර්ණ කොටසක් රුපියල්වලින් ලබාගැනීම මඟින් රුපියල අවප්‍රමාණය වීමේ වාසිය නැව අයිති රක්ෂණ සමාගමට හිමිවන බවද ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ. එබැවින් අදාළ වන්දි මුදල රුපියල්වලින් ලබාගැනීම වෙනුවට ඇමරිකානු ඩොලර්වලින් ලබාගැනීම සුදුසු බව සමුද්‍රීය පරිසර අධිකාරිය නීතිපති දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇතැයි අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙයි.

#lankadeepa