28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුරුණෑගල නගරාධිපතිගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

කුරුණෑගල නගරාධිපතිගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

තමාට එරෙහිව පැවැත්වීමට යන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජය විතානගේ මහතා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

ඒ මෙම පෙත්සම ප්‍රසන්න ද සිල්වා සහ කේමා ස්වර්ණාධිපති මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී.

විසින් එම රිට් පෙත්සම ඉදිරිපත් කර ඉල්ලා තිබුණේ තමන්ට එරෙහිව පැවැත්වෙන විනය පරීක්ෂණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටය.

එම චෝදනා මගින් නගර සභා ආඥා පනත යටතේ වරදක් සිදුවී තිබේද යන්න පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා වයඹ පළාත් වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා විසින් විශ්‍රාමික විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කමිටුවක් පත්කර ඇති බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

එම පරීක්ෂණ කමිටුවේ කටයුතු නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් තමා කුරුණෑගල පළාත්බද මහාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළද එම අධිකරණය අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කාර නගරාධිපතිවරයා කියා සිටියේය.

එම මහාධිකරණ තීන්දුව ප්‍රතිශෝධනය කොට තමන්ට එරෙහිව සිදුකෙරෙන විමර්ශන බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපතිවරයා විසින් අභියාචනාධිකරණය වෙත එම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණි.