25 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි 03ක අයිස් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

කෝටි 03ක අයිස් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 03ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (09) සවස කල්පිටිය – සින්නකුඩිරිප්පුව ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන එන ලද මත්කුඩු තොගයක් කොළඹ ප්‍රදේශයට රැගෙන යාමට සූදානමක් ඇති බවට ලද තොරතුරක් මත දින කිහිපයක් සිදුකර ඇති ආවේක්ෂණ රාජකාරි වලින් අනතුරුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.