23.9 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභය ඇතුළු 39 දෙනෙකුට එරෙහි පෙත්සම් සලකා බැලීම කල් යයි

ගෝඨාභය ඇතුළු 39 දෙනෙකුට එරෙහි පෙත්සම් සලකා බැලීම කල් යයි

රටේ ආර්ථිකය කඩාවැටීමට තුඩු දුන් තීන්දු තීරණ ගත් හිටපු ජනපති, අගමැති, මුදල් ඇමැති ඇතුළු 39 දෙනකුට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ (09) සලකා බැලිණි.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජිව ජයවර්ධන සහ රාණි ජයමහ යන මහත්ම මහත්මීන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යළි සිතාසි නිකුත් කරන ලෙස නියෝග කර තිබේ.

මේ වනවිටත් නිවේදනය නිකුත් කර ඇතත් ඊයේ (09) එම දෙදෙනා සංසදයේ පෙනී සිටියේ නැත.

පෙත්සම් වැඩිදුර සලකා බැලීම මාර්තු 20 වැනිදාට කල් තැබිණි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ක්‍රීඩක ජූලියන් බොලින්, විවෘත විශ්වවිද්‍යාල කථිකාචාර්ය මහීම් මෙන්ඩිස් සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් යන ආයතන විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත.