27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalචන්ද්‍රිකාට දයාසිරි පිළිතුරු දෙයි

චන්ද්‍රිකාට දයාසිරි පිළිතුරු දෙයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පාස්කු ඉරුදින වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා කරන්නේ නම් තම පාලන සමයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරවල වගකීම ද ඇය භාරගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

පක්‍ෂ මහලේකම්වරයා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේ දී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා පොදුජන පෙරමුණ සමඟ හැදූ ආණ්ඩුවේ උපදේශිකාවක් ලෙස ද කටයුතු කරන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඔවුන් හා එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බව ද ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කලා.

රනිල්, චන්ද්‍රිකා ඇතුළු පාර්ශව ඊ ළඟ මැතිවරණයට එක්ව තරඟ කරන්න සූදානම් වන අතරතුර රට තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ද සහභාගීත්වයෙන් ගොඩනැගෙන බටහිරට ගැති නොවූ වාමාංශික බලවේගය විනාශ කරන්නට සැරසෙන බව කී මහලේකම්වරයා බටහිර බලවතුන්ගේ ඔඩොක්කු කුක්කන් වන ඒ අය ගැන ජනතාව දැනගත යුතු බව ද කීවේය.