26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතියුණු ආයුධයකින් පහර දී මල්ලි අයියාව ඝාතනය කරලා

තියුණු ආයුධයකින් පහර දී මල්ලි අයියාව ඝාතනය කරලා

සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකදී තියුණු ආයුධයකින් පහර කෑ වැඩිමල් සහෝදරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

කිලිනොච්චිය, කල්ලාරු ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සහෝදරයින් දෙදෙනා අතර ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් බහින් බස්වීමක් ඇතිව පසුව එය ආරවුලක් දක්වා දුරදිග ගොස් මෙම ඝාතනය සිදුව තිබෙනවා. තියුණු ආයුධයකින් පහර කෑමට ලක්වූ වැඩිමල් සහෝදරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඝාතනය සිදුකළ බාල සහෝදරයා පොලිසිය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු අද (10) දිනයේ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මෙලෙස ඝාතනය වී ඇත්තේ 37 හැවිරිදි ධර්මරාසා තවසීලන් නැමති දෙදරු පියෙක්.