25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරත්මලාන දුම්රිය සේවකයින් ඉල්ලීම් ඉල්ලා වර්ජනයක

රත්මලාන දුම්රිය සේවකයින් ඉල්ලීම් ඉල්ලා වර්ජනයක

රත්මලාන දුම්රිය සේවකයින් 168 දෙනෙක් එම දෙපාර්තමේන්තුවේ වසර 10ක කාලයක සේවය ස්ථීර නොකර ආදේශක, අනියම් හා තාවකාලික ලෙසට සේවය කරන අතර මෙම සේවකයින්ගේ සේවය ස්ථිර නොකර තවත් සේවකයින් තුන්දාහක් බඳවා ගැනීම නිසා විරෝධය පළ කරමින්
සිටි බව වාර්තාවනවා.

මෙසේ විරෝධය පළ කළ සේවකයින්ගෙන් හතරදෙනකු වතුර ටැංකියකට නැග විරෝධය පළ කළ බවත්ව විරෝධතාකරැවන්ගේ ඉල්ලීම වී තිබුනේ දැනට සේවයේ නිරත 168 දෙනා ස්ථීර කිරීමෙන් පසුව අලුතින් අනෙක් සේවකයන් බඳවා ගන්නා ලෙසත්ය.

වතුර ටැංකිය උඩ නැග විරෝධය පළ කළ සේවකයින් පැය හතරකට වැඩි කාලයක් විරෝධතාවයේ නිරතව සිටි ඇති අතර එම ස්ථානයට ප්‍රධාන ඉංජිනේරුවරයා පැමිණ ලිපියක් භාර දී තිබෙනවා.

ප්‍රධාන ඉංජිනේරුවරයා තමන්ගේ ප්‍රශ්න වලට ස්ථිර විසඳුමක් ලබා දෙන බවටත් ඇමතිතුමා සමග සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දු වු නිසා දින දෙකකට වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට එම සේවකයින් කටයුතු කර තිබෙන බවත් වාර්තාවෙනවා.