27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදුලි බිලට විරෝධය පා අද ලංවිම ඉදිරිපිට උද්ඝෝෂණයක්

විදුලි බිලට විරෝධය පා අද ලංවිම ඉදිරිපිට උද්ඝෝෂණයක්

මේ මාසයේ සිට පිරිවැය මත විදුලි ගාස්තු ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ විදුලිබල කර්මාන්තය සඳහා වන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට ද අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාව පසුගිය 02 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෙත බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ගෙන එනු ලැබුවා.

එහිදී අදාළ යෝජනාව සම්බන්ධයෙන් වන අවසන් තීරණය මෙම සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කරන බවයි පසුගිය සතියේ කැබිනට් තීරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

ඒ අනුව ඊයේ (09) පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ යෝජනාවට අවසර ලබාදුන්නා. කෙසේ වෙතත් රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් සමාජය තුළින් දැඩි විරෝධතාවක් එල්ල වන අතර මෙම තීරණයට විරෝධය දක්වමින් හැටනව ලක්ෂයක මහජන පෙත්සමක්ද අත්සන් කෙරුණා.

එම පෙත්සම මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදීම ද සිදු කෙරුණේ ඊයේ දිනයේ දියි. එහිදී අදහස් දක්වමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ විදුලි බිල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වුව ද එය ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවයි.

මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට අද (10) දිනයේදී උද්ඝෝෂණයක් පැවැත්වෙන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පැවසුවා.