27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි බිල වැඩි කළොත් තේ කම්හල්වලට අත්වන ඉරණම

විදුලි බිල වැඩි කළොත් තේ කම්හල්වලට අත්වන ඉරණම

විදුලි බිල නැවත වතාවක් වැඩි කළහොත් රටපුරා තේ කම්හල් හරි අඩකට වැඩි සංඛ්‍යාවක් ස්ථිර වශයෙන්ම වැසී යනු ඇති බව තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පැවසීය.

දැනට රට පුරා තේ කම්හල් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් තේ දළු නිෂ්පාදනයද මේ වනවිට විශාල වශයෙන් අඩුවී ආදායම පහත බැස ඇති අවස්ථාවක විදුලිය බිල වැඩි කළහොත් එය තේ කර්මාන්තයට දරාගත නොහැකි වනු ඇති බවත් ඔහු සඳහන් කලා.

පොහොර ප්‍රශ්නයද තේ දළු නිෂ්පාදනය මෙසේ පහත වැටී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අවදානම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා උපයෝගිතා කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දුන් බවද ඔහු සඳහන් කළේය.