― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසාගැනීමක් නෙවෙයි - පොලීසිය

ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසාගැනීමක් නෙවෙයි – පොලීසිය

මෙරට ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සියදිවි නසාගැනීමක් බවට වාර්තා නොවන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 175 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද කීය.

කිසිම වෙලාවක මෙතෙක් එම මරණය සියදිවි නසාගැනීමක් බවට වාර්තා කිරීමකුත් නෑ. කිසිම ආකාරයක තහවුරු කිරීමකුත් නෑ. තවදුරටත් විමර්ශන කටයුතු සිදුවෙනවා. මේ අවස්ථාව වන විට ප්‍රකාශ 175කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරලා තියෙනවා. ඒ වගේම නඩු භාණ්ඩ 14කට ආසන්න සංඛ්‍යාවක් රජයේ රස පරීක්ෂකයා වෙත පරීක්ෂා කිරීම සඳහා යොමු කරලා තියෙනවා. ඊට අමතරව දුරකථන විශ්ලේෂණ, බැංකු වාර්තා සහ විවිධ ලබා ගත යුතු ලේඛන ලබාගනිමින් පවතිනවා. අනෙකුත් දත්ත පරිශීලනය කරමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් පවතිනවා. සෘජු සාක්ෂි සොයාගැනීම සඳහා පරීක්ෂණ පවත්වනවා. නමුත් සියදිවි නසාගැනීමක් ද මනුෂ්‍ය ඝාතනයක් ද හෝ වෙනත් දෙයක්ද යන්න මෙතෙක් තහවුරු වෙලා නෑ. කිසිම සැකකරුවෙක් මෙතෙක් නිෂ්චිතව හඳුනාගෙන නෑ.