27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහෙංචයියන්ට රස්සා දෙන්න ඡන්දේ තියන්න කලින් මිනිස්සුන්ට කන්න ටික දීපල්ලා

හෙංචයියන්ට රස්සා දෙන්න ඡන්දේ තියන්න කලින් මිනිස්සුන්ට කන්න ටික දීපල්ලා

“එක එක දේශපාලුවෝ ඇවිත් කියයි අපිට ඡන්දේ දෙන්න කියලා. රැවටුණා ඇති. ආය රැවටෙන්න එපා. කතිරේ ගහන්න එපා. ඡන්දේ දැම්මොත් ඇඟිලි දෙක කපන්න ඕනේ. රැවටෙන්න නම් එපා පුතෝ. එහෙම ඡන්දේ තිබුණොත් උදේන්ම් ගිහින් කටුගාලා ඇප නැති කරන්න ඕනේ.” යැයි මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (09) අනුරාධපුර ප්‍රදේශයේ ගැබිනි මව්වරුන්ට ආහාර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කියා සිටියේය.

කන්න ටිකක් දීලා කුස පුරවලා මේ රටේ අනාගතය භාරගන්න ඉන්න මේ පුංචි මල්කැකුළුවලට යම් උපකාරයක් කරන්න තිබෙනවා නම් ඒක මහා භාග්‍යයක් කියලා තමා මම හිතන්නේ. මොකද කුසේ ඉන්න දරුවා දන්නේ නෑ මේ රට විනාශ කළේ මොකද කියලා. අනුරාධපුරයට කියන්නේ වැව් බැඳි රාජ්‍ය කියලා. බත සපයපු ජාතියක් අපි. නමුත් අද වෙද්දි අපිට තෙල් ටික නෑ. පොහොර ටික නෑ. එම නිසා ඔබත් ඔබේ බඩේ ඉන්න දරුවත් අද කුසගින්නේ. අපිත් වැරැද්දක් කරා. අවුරුදු 75ක් පුරා අපි එන එන එකාට ජය වේවා කිව්වා. අපිට ජය වේවා කිව්වේ නෑනේ. ඔබතුමන්ලා ළඟට කවුරුත් එනවා ද පොත් ටිකක්, හාල් ටිකක් අරන් දෙන්න?

දැන් ජනතාවට සේවය කරන්න ටිකක් කිට්ටු වෙනවා දේශපාලනඥයෝ. ඡන්දයක් එනවා නේ ළඟ. බඩු මල්ලක් දෙයි. වේදිකාවට යන් සමෘද්ධිය කපනවා කියයි. ජොබ් එකක් දෙන්නම් කියයි. දැන් ජොබ් දෙන්නේ නෑ. රැවටෙන්න එපා. බඳවා ගන්න එපා කියලා තහනම් කරලා තියෙන්නේ. ඒක නිසා එක එක දේශපාලුවෝ ඇවිත් කියයි අපිට ඡන්දේ දෙන්න කියලා. රැවටුණා ඇති. ආය රැවටෙන්න එපා. කතිරේ ගහන්න එපා. ඡන්දේ දැම්මොත් ඇඟිලි දෙක කපන්න ඕනේ. රැවටෙන්න නම් එපා පුතෝ. එහෙම ඡන්දේ තිබුණොත් උදේන්ම් ගිහින් කටුගාලා ඇප නැති කරන්න ඕනේ.