― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsළමුන් රෝහල්ගත කිරීම් වැඩි වෙලා - ළමා රෝහලේ දැඩිසත්කාර ඇඳන් පිරී යයි

ළමුන් රෝහල්ගත කිරීම් වැඩි වෙලා – ළමා රෝහලේ දැඩිසත්කාර ඇඳන් පිරී යයි

මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකක පිරීගොස් ඇති බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති පවසයි.

වෛද්‍යවරයා අවධාරණය කරන්නේ රෝග උත්සන්න වීමට පෙර දරුවන්ව වෛද්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමු කරන්නැයි දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරන බවයි.

කවරදාකවත් නැති අන්දමට රෝග උත්සන්න වූ පසුව ළමා රෝගීන් රෝහල්ගත කිරීම මේ දිනවල වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඔවුන්ගෙන් වැඩිදෙනෙකු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කීරීමට සිදුව ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ වනවිට රෝහලේ පවතින කෘතිම ස්වසන යන්ත්‍ර දැඩිසත්කාර ඒකක ඇදන් 39න් 18ක්ම පිරි ගොස් ඇති අතර එම්අයිසීයූ ඒකකයේ ඇඳන් 12ම පිරීගොස් ඇති බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ.

රෝග උත්සන්න වී රෝහල්ගත කරන දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලයට දැඩි කැපවීමක් සිදුකළ යුතුව ඇතැයිද ඖෂධ හා උපකරණ හිඟය හේතුවෙන් ප්‍රතිකාර ලබා දීම ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇතැයිද ඔහු කීවේය.

ඩෙංගු, ඇදුම, හතිය වැනි රෝග සහ දියවැඩියාව, වකුගඩු රෝග, හෘදරෝග වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් අනතුරුව රෝහල්ගත කිරීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් මෙම දරුවන් බොහෝදෙනෙකුට කෘතිම ස්වසනය ලබා දීමට සිදුවීම බරපතල තත්ත්වයක් බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.