26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews5%කින් වියදම් අඩු කරන්නැයි රාජ්‍ය ආයතනවලට උපදෙස්

5%කින් වියදම් අඩු කරන්නැයි රාජ්‍ය ආයතනවලට උපදෙස්

මේ වසරේ වියදම් 05%කින් අඩු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලුම කැබිනට් අමාත්‍යාංශවලට උපදෙස් දී තිබේ.

2023 අයවැය මගින් ඇස්තමේන්තුගත ප්‍රතිපාදනවලින් සියයට පහකින් වියදම් අඩු කරන ලෙස ජනාධිපති වික්‍රමසිංහ මහතා සියලුම අමාත්‍යාංශවලට උපදෙස් දී ඇති බව ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

පසුගිය වසරේ සිදු වූ වැරදි හේතුවෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට පවා මුදල් ලබාගැනීමේ අපහසුතාවයට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බව ජනාධිපතිවරයා පැවසීය.

මේ අනුව සියලුම අමාත්‍යාංශවල වියදම් අවම වශයෙන් සියයට පහකින්වත් අඩු කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.