26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ලංකාවට විදුලිය දීමේ සූදානමක්

ඉන්දියාවෙන් ලංකාවට විදුලිය දීමේ සූදානමක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමේ ව්‍යාපෘතියක් ස්ථාපනය කිරීම සඳහා දෙරට අතර ඉහළ මට්ටමේ සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සැලසුම් පිළිබඳව තොරතුරු දන්නා පුද්ගලයින් දෙදෙනෙකු උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා පළ වී ඇත.‍

ඔවුන් පවසා ඇත්තේ රාජ්‍ය අංශයේ විදුලි උත්පාදන ආයතනයක් වන පවර් ග්‍රිඩ් කෝපරේෂන් ඔෆ් ඉන්ඩියා නමැති ආයතනය මේ වන විටත් ඊට අදාළ මූලික වාර්තාවක් පිළියෙළ කර ඇති බවය.

මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ, ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව විදුලි බල හිඟයකට මුහුණ පා සිටින මොහොතකය.

#emanisa