― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකියපු තරම් දුම්රිය අවලංගු වුණේ නැහැ

කියපු තරම් දුම්රිය අවලංගු වුණේ නැහැ

මාධ්‍ය මගින් වාර්තා කළ ආකාරයට සේවකයින් විශ්‍රාම යෑම හේතුවෙන් දුම්රිය ගමන් වාර අවලංගු නොවූ බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විශ්‍රාම යාම හේතුවෙන් යම් දුම්රිය වාර සංඛ්‍යාවක් අවලංගු කිරීමට වුවද එය මාධ්‍ය මගින් වාර්තා කළ ආකාරයේ වැඩි දුම්රිය ගමන් වාර සංඛ්‍යාවක් නොවන බවයි.

සුළු දුම්රිය වාර සංඛ්‍යාවක් අවලංගු වූ විට එය විශාල ප්‍රමාණයක් ලෙස මාධ්‍ය මගින් පෙන්වීම සිදු කළ බවද එම නිලධාරීහු පෙන්වා දී තිබෙනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ කටුනායක ගුවන්තොටුපළට වැඩි සංචාරකයින් ප්‍රමාණයක් පැමිණීම නිසා ඉන්ධන සැපයීම සඳහා වැඩි දුම්රිය සංඛ්‍යාවක් පසුගිය දිනවල යෙදවීමට සිදු වූ බවත් එම හේතුව නිසාවෙන්ද දුම්රිය ධාවනය තරමක් අවම කිරීමට සිදු වූ බවයි.

මාධ්‍ය වාර්තා කළ ආකාරයට දුම්රිය ගමන්වාර අවලංගු නොවූ බවට ඉදිරියේදී කරුණු පෙන්වා දීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළා. තවද නිලධාරීන් විශ්‍රාම යාම හේතුවෙන් යම් දුම්රිය වාර සංඛ්‍යාවක් අවලංගු වූවේ නම් එයද මෙම මස අග වන විට අවසන් කිරීමට ඇති හැකියාව පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසූ අතර එහිදී නිලධාරීන් පැවසුවේ ඒ සඳහා අවශ්‍ය පත් කිරීම් මේ වන විටත් සිදු කරමින් පවතින නිසා මේ මස අග වන විට එය සිදු කළ හැකි බවයි.

එසේම පසුගිය වසර අගදී විශ්‍රාම ගොස් ඇත්තේ දුම්රිය රියදුරන් 10 දෙනෙකු පමණක් බවත් ඔවුන් පෙන්වා දුන්නා. එසේම එළඹෙන පෙබරවාරි මුලදී පවතින ධාරිතාව අනුව නව දුම්රිය කාලසටහනක් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.