― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsජනපීඩක ආණ්ඩුවට එරෙහිව මුළු රටම පාරට බස්සන්න සජබෙ සැරසෙයි

ජනපීඩක ආණ්ඩුවට එරෙහිව මුළු රටම පාරට බස්සන්න සජබෙ සැරසෙයි

ආණ්ඩුව දියත් කර ඇති ජනතා මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව ලබන 15 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට සමගි ජන බලවේගය සැලසුම් කර ඇත.

වැඩි වන විදුලි බිලට, ඉහළ යන බඩු මිලට, අසාධාරණ බදු පැනවීමට සහ දරුවන්ගේ පාසල් පොත්වලටත් බදු ගැසීමට එරෙහිව මෙසේ ආණ්ඩුවට එරෙහිව දීප ව්‍යාප්තව උද්ඝෝෂණ කිරීමට සජබ තීන්දු කොට තිබේ.

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම සෑම ආසානයකම මෙසේ එකවර ආණ්ඩුවට එරෙහිව පාරට බැසීමට සජබ සැලසුම් කොට ඇති බවයි වාර්තා වන්නේ.