29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalදෙමළ ජාතික සන්ධානය පළාත් ඡන්දයට තනිව තරඟ කිරීමට තීරණය කරයි

දෙමළ ජාතික සන්ධානය පළාත් ඡන්දයට තනිව තරඟ කිරීමට තීරණය කරයි

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරනු ලබන සාමාජික පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි තනි තනිව තරඟ කිරීමට තීරණය කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතාගේ නිවසේදි පැවති එම සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත්තේ.

එහිදි දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි තනි තනිව තරඟ කිරීමට තීරණය කර ඇති අතර එම පක්ෂවලට වෙනත් පක්ෂ සමඟ සන්ධානගතව හෝ තනිව තරඟ කිරීම පිළිබඳව ස්වාධීනව තීරණ ගැනීමට හැකියාව ලැබෙන බවට තීරණය කර තිබේ.

එහෙත් මැතිවරණය අවසන් වීමෙන් පසු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදි දෙමළ ජාතික සන්ධානය වශයෙන් බලය පිහිටුවීමටද එම සන්ධානයේ පක්ෂවල නායකයන් එකඟතාවය පළ කර ඇත.