25 C
Colombo
Thursday, October 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපනාමුරේදී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කෙරේ

පනාමුරේදී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කෙරේ

පනාමුර ඕමල්පේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අද පෙරවරුවේ තම දරුවා පාසලට ඇරලවා යළි පැමිණෙමින් සිටියදී ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් හෙළි වී නැහැ.

මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙන තෙක් සිරුර එම ස්ථානයේ තබා ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මියගොස් ඇත්තේ ඕමල්පේ ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.