27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාස්කු ප්‍රහාරයේ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව හෙට

පාස්කු ප්‍රහාරයේ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව හෙට

පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප‍්‍රහාර වළක්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශවකරුවන් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව හෙට ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවවිහාර, එල්.ටී.බී දෙහිදෙණීය, මුර්දු ප‍්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, එච්.එම්.ඩී නවාස් සහ ශීරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දීර්ඝ විභාගයක් පැවැත්විණී.