23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් අද දිවයිනට

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් අද දිවයිනට

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් ස්ටෙෆාන් ට්විග් (Stephen Twigg) ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා අද (11) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

අද (11) අලුයම 12.00 ට (00.00) සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙනුයි ඔහු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුනේ.

එතුමා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි අතර මෙම අවස්ථාව ඡායාරූපයට නැගීමට ගුවන් තොටුපළ බලධාරීන් අවසරය ලබා දී නැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.