26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබලශක්ති ගැටලු විසඳන හැටි ගැන එක්සත් ජනපදය සමඟ සාකච්ඡා

බලශක්ති ගැටලු විසඳන හැටි ගැන එක්සත් ජනපදය සමඟ සාකච්ඡා

බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අමෙරිකානු නිලධාරීන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියාව සඳහා වන ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් ඇඩ්ම් අයිලීන් ලෝබචර්, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් ඇතුළු ඇමරිකානු නියෝජිත පිරිස අද පෙරවරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හමුවිය.

බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ, පුනර්ජනනීය බලශක්තිය, වත්මන් අභියෝග සහ අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික ආධාර පිළිබඳ රජයේ යෝජනා ක්‍රම පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළහ.

පුරවැසියන්ගේ අවශ්‍යතා සපුරාලන ස්ථාවර බලශක්ති සැපයුමක් ආර්ථික ප්‍රකෘතිය සඳහා ඉතා වැදගත් බව එක්සත් ජනපද තානාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ බලශක්ති සහ දේශගුණික ඉලක්ක වෙත ආමන්ත්‍රණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද වත්මන් හවුල්කාරිත්වයන් සහ පුනර්ජනනීය සම්පත් සංවර්ධනය සඳහා වන සහයෝගය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.