― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අයෙක් පොලිස් අත්අඩංගුවේදී මරුට

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අයෙක් පොලිස් අත්අඩංගුවේදී මරුට

මරදාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

ඊයේ (10) සවස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් හෙරොයින් ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් සමග නාරාහේන්පිට ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන අතරතුර ඇතිවූ සිදුවීමකින් අනතුරුව සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ.මෙහිදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හික්කඩුව තෙල්වත්තේ පදිංචිකරුවෙක් වන 41 හැවිරිදි පුද්ගලයෙක්.

උපාය දූතයන් දෙදෙනෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය ආසන්නයේදීයි.

සැකකරු නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමණාකරවෙක් ලෙසට සේවය කළ අයෙක්.

මෙම හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් අතරතුර ඔහු පොලිස් නිලධාරීන්ට විරෝධය පළ කර කලහකාරීව හැසිරී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අනතුරුව පොලිස් නිලධාරීන් එය පාලනය කිරීමට යාමේදී ඇතිවූ සිද්ධියක් හේතුවෙන් සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබෙනවා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසියයි පරීක්ෂණ සිදුකරනවා.