32.2 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට තැඹිලිවලට ඩුබායිහි ඉල්ලුම වැඩිවෙයි

මෙරට තැඹිලිවලට ඩුබායිහි ඉල්ලුම වැඩිවෙයි

මෙරට තැඹිලි සඳහා ඩුබායි වෙළෙඳපොළේ ඉල්ලුම තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ පැවසීය.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පොල් සංවර්ධන අධිකාරියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ තැඹිලි අපනයනයට අදාළ මුදල් ගනුදෙනු රැසක් උණ්ඩියල් ක්‍රමයට සිදුවීම නිසා මෙරටට විශාල විදේශ විනිමයක් අහිමිවූ බවයි.

ඩුබායි වෙළෙඳපොළ තුළ තැඹිලි ගෙඩියක් රුපියල් 500කට අලෙවි වන බවයි ඔහු එහිදී අවධාරණය කළේ.