24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරජයේ සේවකයින්ගේ වැටුප් ගෙව්වේ යූරියා පොහොර ආදායමෙන්

රජයේ සේවකයින්ගේ වැටුප් ගෙව්වේ යූරියා පොහොර ආදායමෙන්

රාජ්‍ය සේවකයින්ගේ දෙසැම්බර් මස වැටුප් ගෙවනු ලැබුවේ යූරියා පොහොර අලෙවියෙන් ලත් මුදල්වලින් බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.

යූරියා පොහොර අලෙවියෙන් ලත් මුදල මහා භාණ්ඩාගාරය වෙත යොමු කරන ලද අතර පසුගිය දෙසැම්බර් මාසයේදී රාජ්‍ය සේවකයින් සඳහා නියමිත වැටුප් ගෙවීම සඳහා එම මුදල්වලින් කොටසක් භාවිතා කිරීමට රජයට සිදු වූ බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

පසුගිය යල කන්නයේදී හා මෙවර මහ කන්නයේදී යූරියා පොහොර හා අනෙකුත් පොහොර අලෙවි කිරීම මගින් රුපියල් බිලියන 10.05ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් උපයා තිබේ.