28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක ආර්ථිකය තවදුරටත් අවපාතයට යනු ඇතැයි රතු එළි

ලෝක ආර්ථිකය තවදුරටත් අවපාතයට යනු ඇතැයි රතු එළි

ලෝක ආර්ථිකය මේ වනවිට අවපාතයක් කරා ගමන් කරමින් සිටින බව ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් පවසයි.

ඒ අනුව මේ වසරේ ලෝක ආර්ථික වර්ධනය 1.7%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බවයි සභාපතිවරයා පවසන්නේ.

පසුගිය වසරේ 6.1ක්% වූ දකුණු ආසියානු ආර්ථිකය මේ වසරේදී 5.5%ක් දක්වා පහළ යනු ඇති බවයි ඔහු පවසන්නේ.

මෙවන් තත්ත්වයක් හමුවේ ආහාර සහ බලශක්ති අර්බුදයෙන් මෙන්ම ණය බරින් පෙළෙන රටවලට ජාත්‍යන්තර ප්‍රජාව ආධාර කළ යුතු බව ලෝක බැංකු සභාපතිවරයාගේ මතයයි.

කෙසේ වෙතත් ඉන්දියාව සහ මාලදිවයින යම්තාක් වර්ධනයක් පෙන්නුම් කරනු ලබයි.