දිස්ත්‍රික්ක කිහිපයක වී වගාව ආශ්‍රිතව පවතින රෝග තත්ත්ව වලට හේතුව පෝෂණ ඌනතාවය සහ ඇතැම් කුඹුරු වල ලවණතාවය ඉහළ යාම බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ගොයම් කහ පැහැ ගැන්වීම,කහ පුල්ලි රෝග තත්ත්වය මෙන්ම කීඩෑ උවදුර හා වටපණු රෝග වී වගාව ආශ්‍රිතව දක්නට ලැබෙන අතර මෙම රෝග තත්ත්වයන් ගැන සෙවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායම් අදාල රෝග පවතින දිස්ත්‍රික්ක වෙත යොමු කර ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේය.