32 C
Colombo
Saturday, February 24, 2024

අත්අඩංගුවේදී මියගිය සැකකරු ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මියයාම සම්බන්ධයෙන් පොලිසිය අද කරුණු පැහැදිළි කිරීමක් සිදු කළා.

අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ මෙම සිද්ධියේදී නිලධාරීන් අතින් වරදක් සිදුවී ඇත්නම් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බවයි.

මෙම සිද්ධියට අදාළ කරුණු අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව නිලධාරීන් අතින් වරදක් සිදුවී ඇත් ද යන්න තීරණය කෙරෙනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ නාරාහේන්පිට ප්‍රදේශයේ කිසියම් අයෙක් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතව සිටින බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට තොරතුරක් ලැබී තිබු බවයි.

ලැබී තිබූ තොරතුරු අනුව උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගොස් ඇත්තේ පසුගිය 10 වනදා සවසයි.

නාරාහේන්පිට ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනයේදී හෙරොයින් ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් සහ රුපියල් එක්ලක්ෂ පන්දහසක මුදලක් ද ඔහු සතුව තිබී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය සැකකරුගෙන් ප්‍රශ්ණ කර මත්ද්‍රව්‍ය ජාලයේ සිටින පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්න කර නෙළුම් කුලුන ආසන්න ප්‍රදේශයට රැගෙන විත් ප්‍රශ්ණ කර තිබුණා.

එහිදී සැකකරු ආවේගශීලීව හැසිරීම හේතුවෙන් ඇතිවූ සිදුවීමක් හමුවේ ඔහු සිහි මූර්ජා වී කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය සඳහන් කළ අතර රෝහලට ඇතුලත් කරන විට ඔහු මියගොස් ඇති බවටයි වෛද්‍යවරුන් දැනුම් දුන්නේ.

සැකකරුගේ මරණය පිළිබඳ ඊයේ (11) පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර එම වාර්තාව ලැබීමෙන් පසු අදාළ තොරතුරු මත අදාළ ක්‍රියාමාර්ග ගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කටයුතු කරන බව නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

විශේෂයෙන් මෙම සිදුවීම පිළිබඳ පොලිසියේ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන අතර නිලධාරීන් නීති විරෝධීව හෝ බලය ඉක්මවා කටයුතු කර අපරාධයක් සිදු කර ඇත් ද යන්න සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කෙරෙනවා.

නිලධාරීන් යම් වරදක් සිදුවී ඇත්නම් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

මූලික විමර්ශනවලින් අනතුරුව මෙම නිලධාරීන් අපරාධමය වරදක් සිදුකර ඇත්නම් ඊට අදාළව ද පියවර ගන්නා බව පොලිසිය සඳහන් කළා.

කොළඹ මධ්‍යම කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන් මෙම පරීක්ෂණ සිදු කෙරෙනවා. මියගොස් ඇති මෙම පුද්ගලයා තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක් බවටයි අනාවරණ වී තිබෙන්නේ.

Latest

ඔබත් ඔන්ලයින් ණයකාරයෙක්ද ? එහෙනම් මේක බැලිය යුතුමයි

සියලු හඬපට සාක්ෂි සහිතයි -ණය ගෙවන්න බැරි වුණාම ලිංගික...

පොලිස් ඇමති ටිරාන් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ඝාතන තැතක්

රහස්‍ය බුද්ධි වාර්තාවක් පිටවෙයි පොලිස් ඇමති ටිරාන් සහ වැඩබලන පොලිස්පති...

ඒ විදේශිකයන්ගේ තියෙන නිහතමානී පට්ට සතුට

තෑන්ක්ස් මචං උඹට (දෙන්නෙ ගොඩක් පොඩි දෙයක්) ඒත් බලන්න ඒ...

අනාගත ජනපතිගේ ජනතා සහන පැකේජය එලි දකී

අනාගත ජනපතිගේ ජනතා සහන පැකේජය එලි දකී මෙන්න තව මාස...

Don't miss

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැහැ

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නොමැති බව පොදුජන පෙරමුණේ...

මොන බාධක ආවත් යුක්තිය නවතන්නේ නැහැ – ටිරාන්

කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට...

සති පාසල ජාත්‍යන්තරයට ගෙන යනවා – සුසිල්

විවිධ අභියෝගවලට මුහුණදෙමින් සංකීර්ණ ඉගෙනුම් ක්‍රියාවලියක යෙදෙන වත්මන් පාසල්...

වසර මැදදී උද්ධමනය 5% ට ගේනවා – සියඹලාපිටිය

2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට...

කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ඇරඹේ

මෙවර කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් (23) ආරම්භ වනවා. තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 8ට ඉන්දියාවේ බැංගලෝර් හිදී ආරම්භ වීමට නියමිතයි. 'දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායම'...

කඳානේ වෙඩි තැබීමට ‘කොට්ටාවේ සුද්දා’ අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීවගේ මෙහෙයවීමෙන් පසුගිය වසරේ කඳාන ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුගේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු සමඟ පැමිණි යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන...

හොර වීසා පෙන්වා යුරෝපෙට පනින්න ගිය දෙදෙනෙක් අල්ලයි

කූඨ ලෙස සකස් කළ ග්‍රීක සංචාරක වීසා භාවිතා කරමින් යුරෝපය වෙත පළා යාමට තැත් කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ කටුනායක ගුවන්තොටුපොළ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here