31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැස්ටියන් මාවතේ වෙඩි තැබීමට අදාළ දෙදෙනෙක් අත්අඩංගුවට

බැස්ටියන් මාවතේ වෙඩි තැබීමට අදාළ දෙදෙනෙක් අත්අඩංගුවට

පිටකොටුව බැස්ටියන් මාවතේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනවලට අදාළවයි මට්ටක්කුලිය සහ පිළියන්දල ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.

මෙම ඝාතනය සඳහා සැකකරුවන් භාවිත කළ යතුරුපැදිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත ඊයේ (11) සවස පිළියන්දල මකුළුදූව ප්‍රදේශයේදී යතුරුපැදිය ළග තබාගෙන සිටි අයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී යතුරුපැදිය ලබාදුන් තවත් සැකකරුවෙකු පිළිබඳ තොරතුරු අනාවරණ වූ අතර එම සැකකරු මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 120ක් ද සමගින්.

මෙම පුද්ගලයන් දෙදෙනා හෝමාගම සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 31 සහ 37 වයස්වල පසුවන දෙදෙනෙක්. වැඩිදුරටත් සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ඩුබායි රාජ්‍යයේ සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සමග සම්බන්ධතා පවත්වන අයෙක් බවටයි.

සැකකරුවන් දෙදෙනා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙන අතර කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.