― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඅනවශ්‍ය තැන්වල ඉන්න නිලධාරීන් අත්‍යවශ්‍ය තැන්වලට පත් කරන්න

අනවශ්‍ය තැන්වල ඉන්න නිලධාරීන් අත්‍යවශ්‍ය තැන්වලට පත් කරන්න

ගොයම් පැළයක් , පැපොල් ගහක් හෝ අඩු තරමින් කෙසෙල් ගසක්වත් වගා නොකරන කොළඹ පිටකොටුවටත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරු දීර්ඝ කාලයක් තිස්සේ පත් කර තිබෙන්නේ ඇයි දැයි කෘෂිකර්ම , වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ බලධාරින්ගෙන් ප්‍රශ්න කර තිබේ.

කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (11) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

රාජ්‍ය අංශයේ ඇතැම් නිලධාරින්ගේ අකාර්යක්ෂමතාවය හා ඇතැම් නිලධාරින් විධිමත් පරිදි මහජනතාවට සේවාවන් සැපයීමට අත්‍යවශ්‍ය ස්ථානවලට නොලැබීම නිසා මහජනතාවත්, රටත්, රජයත් අපහසුතාවයට පත්වෙන බවත් එම නිසා මෙවැනි අනවශ්‍ය ස්ථානවලට නිලධාරින් පත් නොකර දැනට සිදු කර තිබෙන එවැනි පත් කිරීම් වහාම අත්‍යවශ්‍ය ස්ථාන වෙත අනුයුක්ත කරන ලෙස අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

මේ අයුරින්ම රජයේ පශු වෛද්‍යවරුන් ද විශාල ප්‍රමාණයක් කොළඹ අවට සිටින බවත්, ඔවුන්ගේ සේවාව අවශ්‍ය වනුයේ මේ රටේ කඩා වැටී ඇති පශු සම්පත් අංශය නඟා සිටුවීමට බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. උතුරු හා නැගෙනහිර පළාත්වල ගව පාලනය උසස් ලෙස සිදු කෙරුණත් කෘත්‍රිම සිංචන කටයුතු සදහා අවශ්‍ය පශු වෛද්‍යවරුන්ගේ හිඟයෙන් එම ගොවීහු පෙළෙති.

විශේෂයෙන් පශු සම්පත් ක්ෂේත්‍රයේ විශාල කඩා වැටීමක් පවතින මෙම අවස්ථාවේ රජයේ පශු වෛද්‍යවරුන්ගේ සේවාවන් අත්‍යවශ්‍ය වනුයේ කුකුල්, ගව , එළු ආදි පශුසම්පත් පාලනය සිදු කරන ප්‍රදේශවල ගොවි ජනතාවට බවත්, එමනිසා කොළඹට වී සිටින රජයේ පශු වෛද්‍යවරුන්ගේ සේවාව පශු ක්ෂේත්‍රයේ නියැළෙන ගොවි ජනතාවට ලබා දීමට පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම ඉදිරියේ දී කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ ගෙවතු පරීක්ෂා කිරීම සදහා තමන් පෞද්ගලිකවම සහභාගි වන බවත්, ගොවිජන සේවා මධ්‍යස්ථානවලට තමන් පැමිණෙන අවස්ථාවන් හිදී අහඹු ලෙස තෝරා ගන්නා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් තමන්ගේ වාහනයෙන්ම රැගෙන ගොස් ඔවුන්ගේ ගෙවතු තමන් විසින් ම නිරීක්ෂණය කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ සියලු ආයතනවල සේවය කරන සියලු දෙනා තම ගෙවතු අන් අයට ආදර්ශයක් ලබා දෙන අයුරින් වගා කළයුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.