25.6 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දියාවට කඩුලු 4ක ජයක්

ඉන්දියාවට කඩුලු 4ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව දෙවන එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව 2-0ක් ලෙස එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දු ඕවර 39.4 ක දී සියලුදෙනා දැවී ලකුණු 251ක් ලබා ගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නුවිනිදු ප්‍රනාන්දු ලකුණු 50 ක් ද,කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් හා දුනිත් වෙල්ලාගේ ලකුණු 32ක් ලබාගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේ දී සිරාජ් හා කුල්දීප් කඩුලු 03 බැගින් බිඳ දැමුවා.

ඉන්දියාව පන්දුවාර 43යි පන්දු 2 අවසානයේ කඩුලු 6 ක් දැවී අදාල ඉලක්කය සපුරා ගත්තා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ලබන ඉරිදා තිරුවානන්තපුරම්හිදී පැවැත්වීමට නියමිතයි.